විද්‍යාර්ථි මහ විදුහල් මාතා !
තිලොවග තිලොක වූ ගෞතම බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලැබූ තිස්සමහාරාම පුණ්‍ය භූමියේ පිහිටි වීරවිල නම් සුන්දර ගම්මානයේ කෙත්වතු පිස එන මදනල සුවද විදිමින් වැජඹෙන විද්‍යාර්ථී නමින් සැදුම්ලත් අප පාසල් මාතාව මහා පින් වන්තියකි. ප්‍රදේශය පුරා දූ දරුවන්ගේ ගුණ නැණ වඩමින් සමාජයට යහපත් පුරවැසියන් දායාද කරන මෙම පාසල් මෑණියන්ගේ අතීතය දශක හතක පමණ ඈතට දිව යයි.
දකුණු පළාතේ, හම්බන්තොට කලාපයේ, තිස්සමහාරාම කොට්ථාශයේ, නම් දැරූ පාසල් වන අප විද්‍යාලයේ අද වන විට සිසුන් පන් සියයකට ආසන්න ප්‍රමානයක් ඉගෙනුම ලබන අතර ගුරුවරු විසි පහක් සේවය කරයි.