නාරද්දේ භක්කුල හිමිපානන් |
එවකට ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති |
ගමේ සිට නගරයට සැතපුම් පහ හයක් දුෂ්කර ගමනකින් පසු නගරයේ පාසලට යෑමේ අපහසුතාව තේරුම් ගත් මෝලකැපූපතාන දරුවා තම නිවසට වී හස්ත කර්මාන්තයක් ඉගෙනීම වඩා පහසු බව එවකට අවබෝධකොට ගත්තේය.මෙහි බැරෑරුම්කම අවබෝධ කරගත් නාරද්දේ භක්කුල හිමියන්ගේ අනුශාසකත්වය පරිදි ගමේ ග්‍රාම සංවර්ධන සමිතියේ සාමාජිකයන් එක්වී මැටියෙන් අඩි 40x20 ප්‍රමාණයෙන් යුත් පොල් අතු සෙවිලි කොට ගොඩනැගිල්ලක් තැනිය. එම කර්තව්‍යයේ දී එවකට ගමේ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිතුමන් අනුපමේය මෙහෙයක් ඉටු කරන ලදී.