නිල ඇදුම පිරිමි
කලිසම
- 1-9 ශ්‍රේණි සදහා නිල් කොට කලිසම හා සුදු අත් කොට කමිසය
- 10-13 ශ්‍රේණි සදහා සුදු දිග කලිසම හා සුදු අත් කොට කමිසය
- කලිසමේ අග කොටස(පෝල්ට් එක)දණහිසින් ඉහලට එසවිය හැකි ප්‍රමාණයෙන් යුක්ත විය යුතුය
- පටි දැමීම සදහා කොකු නොමැසිය යුතුයි
- කලිසමේ දකිණු පස කොකු සහිත සාක්කු එකකි
- කලිසමේ ඉදිරිපස දෙපස රැලි දෙකකි.දෙපස පැති සාක්කු දෙකකි
- ඉනේ සිට අගල් දෙකක් ඉහල සිට වලලුකර තෙක් කලිසම දිග තිබිය යුතුයි
- ඇගට තද වෙන ලෙස නොතිබිය යුතුයි
කමිසය
- ඇගට තද වන ලෙස නොතිබිය යුතුයි
- උරහිස තෙක් ඇදිය හැකි ලෙස අත් කෙලවර තිබිය යුතුයි
- අත් දෙක එක වර ඉහලට එස වූ විට කලිසමට යට කර ඇති ප්‍රමාණයෙන් ඉහලට නොයෙන ලෙස කමිසයයේ දිග තිබිය යුතුයි
විවිධ ආබරන
- අත් ඔරොලෝසු,විවිධ අත් පලදනා,එල්ලෙන කරාබු,මාල,මුදු පැලදීම නොකල යුතුයි
කොන්ඩය-පිරිමි
- විවිධ මෝස්තර යොදා නොකැපිය යුතුයි
- ඉදිරිපස පැති අගල් 1 ප්‍රමාණයට පහලට අග සිහින් නොවන ලෙස කොටු හැඩයට කැපිය යුතුය
- පසු පස කොටස කමිස කොළරයේ ඉහල ප්‍රමාණයට වඩා දිගු නොවිය යුතුය
- තෙල් ගා පැත්තට පීරා තිබිය යුතුය.විවිධ වර්ණ යෙදීම මුඩු කිරීම නොකල යුතුය
සපත්තු-පිරිමි
- කලු සපත්තු,කලු මේස්
- සපත්තුවේ ඉදිරිපස රවුම් හෝ කොටු හැඩය(උල් නොවිය යුතුය
නිල ඇදුම ගැහැණු
නිල ඈදුම සහ කොන්ඩය
- කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
- පාසල් ලාංඡනය වම් පසට වන්නට සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
- ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
- කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
- කොන්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
- බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.
සපත්තු ගැහැණු
- සුදු සපත්තු,සුදු මේස්
විවිධ ආබරන
- අත් ඔරොලෝසු,විවිධ අත් පලදනා,එල්ලෙන කරාබු,මාල,මුදු පැලදීම නොකල යුතුයි