-
සියලුම දරුවන් උදෑසන 7.15 වන විට පාසලට පැමිණිය යුතුය
-
පාසලේ සියලුම පංති කාමර,මිදුල්,වැසිකිළි උදෑසන 7.25 පෙර පිරිසිදු කර අවසන් කර යුතුය
-
උදෑසන 7.30ට නාද වන පාසල් සීනුවට සෑම දරුවෙක් සියලුම වැඩ අවසන් කොට තම තමන්ගේ අදාල පංති කාමරයේ සිට උදෑසන රැස්වීමට පේළියට පැමිණිය යුතුය
-
උදෑසන ආගමික වතාවත් සිදු කිරීමේදී සියලුම සිසුන් හා ගුරුවරුන් උදෑසන රැස්වීමට සහභාගී විය යුතුය
-
පාසලේ සියලුම දරුවන් පාසල් සීනුවට අවනතව කටයුතු කළ යුතුය
-
පාසල් ආරම්භ වීමෙන් අනතුරුව පාසලට නොපැමිණීය යුතුය
-
පාසලට පැමිණීමේ දී කොණ්ඩය,නිළ ඇදුම පාසලට උචිත පරිදි විය යුතුය
-
සෑම දරුවෙක් ම දිනපතා පාසල් පැමිණිය යුතු අතර කිසියම් හේතුවක් මත පැමිණීමට නොහැකි වුව හොත් දෙමාපිය අත්සන සහිතව ලියුමක් ගෙන ඒම අනිවාර්ය වේ
-
දින 3ට වඩා පාසල් නොපැමිණිය හොත් පාසලට පැමිණෙන දිනයෙදී භාරකරුවකු සමග පැමිණිය යුතුය
-
පාසලේ පංති කාමර,මිදුල් පිරිසිදු කිරීමෙන් පසු කසල නිසි ලෙස බැහැර කර යුතුය
-
පාසල තුල පොලිතීන් වැනි නොදිරන අපද්‍රව්‍ය නොදැමිය යුතුය
-
යම් කිසි කාල පරිච්ඡේදයකදී ගුරුවරයා නොපැමිණීය හොත් විශය නායකයා විසින් එය අදාල ගුරුවරයා වෙත දැනුම් දිය යුතුය
-
ගුරුවරුන්ගෙ උපදෙස්,අවවාද පිලිපැදිය යුතුය
-
පංති කාමරයෙන් පිටතට යන විට සියලුම දරුවන් පේළියට ගමන් කළ යුතුය
-
පාසලේ විවිධ වැඩ කටයුතු සදහා පාසලේ සිසුන් සහභාගි විය යුතුය
-
පාසලේ විවිධ වැඩ සටහන් සදහා ආරාධිත අමුත්තන් පැමිණි විට සුහදව හා සංවරශීලී ලෙස හැසිරිය යුතුය
-
පාසල අවසන් වී යන විට පේළියකට පාසලෙන් පිටවිය යුතුය
-
පාසල නියෝජනය කරමින් සහභාගි වන ඕනෑම අවස්ථාවක පාසල් නිළ ඇදුමින් සහභාගි විය යුතුය
-
පාසල් නිළ ඇදුමින් පාසලේදී හෝ වෙනත් පිට ස්ථානයකදී පාසලට අගෞරව වන ලෙස ක්‍රියා නොකර යුතුය
-
පාසල ආරම්භ වූ මොහොතේ සිට පාසල අවසන් වන තුරු සියලුම දරුවන් තමන්ට අදාල පංති කාමර වල තම ක්‍රියාකාරකම් කළ යුතු අතර අත්‍යවශ්‍ය හේතුවක් මත වෙනත් පංතියකට යාමට නම් විශය භාර ගුරුවරයාගේ අවසර තිබිය යුතුය
- Home
- අපේ පාසල ගැන
- පාසලේ විනය නීති