කොරෝනාවෛරසය හේතුවෙන් අප ජීවන රටාවේ මෙන්ම අපගේ සබඳතාවල ද සැලකිය යුතු වෙනස්කම් සිදු වෙමින් පවතී.
මෙම වසංගතයේ දී අප සහ අන් අයගේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් විශාල උපදෙස් ප්‍රමාණයක් ද ලැබෙන තත්ත්වයක් දක්නට ලැබේ.
- නිතර ම සබන් සහ ජලයෙන් හෝ මද්‍යසාර අඩංගු දියරයකින් අත් සේදීම කළ යුතුය. මෙමගින් ඔබේ දෑත්වල රැදී ඇති වෛරස් විනාශ කරයි.
- ඔබේ දෑස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න. දෑත්වලින් බොහෝ පෘෂ්ඨ ස්පර්ශ කරන අතර ඒවායේ වෛරස් රැඳී තිබිය හැකිය. එතැන් සිට, ඔබ ශරීරය ස්පර්ශ කළහොත් වෛරසය ඔබේ ශරීරයට ඇතුළු විය හැකිය.
අප මෙය පැතිරීම නවත්වන්නේ කෙසේද?
- ඔබට කිවිසුම් යන විට හෝ කැස්ස ඇති වූ විට ටිෂූ කදාසියකින් ආවරණය කළ යුතු අතර, එසේ නොමැතිනම් වැලමිට නවා ආවරණය කර ගත යුතුය.
- භාවිත කළ ටිෂූ කඩදාසිය වහාම නිසි ලෙස බැහැර කරන්න. වෛරසය අඩංගු බිඳිති ටිෂූ කඩදාසියේ රැදී තිබිය හැකි හෙයින් එය බැහැර කිරීමෙන් වෙනත් පුද්ගලයින්ට ආසාදනය වීම වළක්වා ගත හැකිය.
- පුද්ගලයන් අතර අවම වශයෙන් මීටර් 2ක දුරක් තබා ගත යුතු යැයි උපදෙස් ලබා දී ඇත්තේ ද මෙම හේතුවට වන අතර, මෙයින් අදහස් වන්නේ දළ වශයෙන් එකිනෙකා අතර අත් දෙකක දුරක් පවත්වා ගත යුතුයි යන්නය.
- බොහෝ ස්ථානවල සියලුදෙනාට නිවසේ රැඳී සිටින ලෙසත්, අත්‍යවශ්‍ය කරුණක් සඳහා පමණක් පිටතට යන ලෙසත් උපදෙස් දී ඇත්තේ කැස්ස සහ කිවිසුම් යන පුද්ගලයන් සමඟ සම්බන්ධතා අවම කර ගැනීමේ උත්සහයක් ලෙසිනි.
- බැහැර සිටින විට අන් අයට අතට අත දී ආචාර කිරීම වෙනුවට "ආරක්ෂිත සුබ පැතුම්" ක්‍රම අනුගමනය කිරීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. උදාහරණ ලෙස අත වැනීම, හිස සෙලවීම හෝ හිස නමා ආචාර කිරීම කළ හැකිය.